රූපලාවන්‍ය ගැන කතා කරනකොට මුලින්ම මතකයට එන විටමිනය වන්නේ විටමින් E පිළිබඳව දැන් ඔබ හොඳින්ම දන්නවා ඇත.
විටමින් E රූපලාවන්‍ය කෙරෙහි මේ තරමින්ම බලපාන්නේ කෙසේදැයි බලමු. විටමින් E ප්‍රබල ප්‍රතිඔක්‌සිකාරකයක් නිසා සිරුර තුළ ඇතිවන විවිධ ගැටළුවලට සාර්ථකව පිළියම් ලබාදීමේ හැකියාවක් ඒ තුළ ඇත. ඒ නිසාම සමට අවශ්‍ය පෝෂණය සහ හිසකෙස් වලට අවශ්‍ය පෝෂණය මනාව ලබාදෙනු ඇත.
ඒ නිසාම සමට පිරුණු පෙනුමක් ලැබෙන අතර ඕනෑම අයකු ඔබේ සම නිරෝගී යමක් ලෙසින් හඳුනා ගන්නවා ඇත.
කෙස් කලඹට දීප්තිමත් පෙනුමක් එක්‌කරන විටමින් E ඔබට කැපී පෙනෙන කෙස් කලඹක් හිමිකර දීමට ඉදිරිපත් වනවා ඇත.
බොහෝ යුවතියන් තම රුව පිළිබඳව සැලකිලිමත් වෙයි. එහෙත් විවාහයත් සමඟ රුව සම්බන්ධව තිබූ සැලකිල්ල ක්‍රමයෙන් අඩු වී යන්නේ නිරායාසයෙනි.
එවිට පිරිපුන්ව දීප්තිමත්ව තිබූ සම වියළි ස්‌වභාවයට පත්වන්නට පටන් ගනියි. කෙස් කලඹ අඟින් පැලී දුර්වර්ණ වෙයි. විවාහයත් සමඟ බොහෝ කාන්තාවන් පවසන්නේ, තම රූපය ගැන අවධානය යොමුකිරීමට වේලාවක් නොමැති බවයි. දරුවන්ගේ වැඩකටයුතු සහ නිවසේ වැඩකටයුතු සමඟ ඇය රැකියාවක් කරන කාන්තාවක් නම් රාජකාරී කටයුතු ගැන කියමින් රූපය ගැන මොහොතකටවත් නොසිතයි.
ඔබේ ශරීර සෞඛ්‍ය පිළිබඳව ඔබගේ අවධානය අඩුවනවා යනු ඔබ රූපලාවන්‍ය හා සම්බන්ධ ගැටළු බොහොමයකට මුහුණ දීමකි.
සමේ තෙතමනය නැතිව ගොස් සම වියළී යනවා යනු, සිරුරේ පෝෂණය තුළින් දීප්තිමත් යමක් ලබාගැනීම සඳහා ඔබේ අවධානය අඩුවනවා යනු, ඔබ වයසට වඩා වැඩිමහළු පෙනුමකින් දිස්‌වීමකි. ඒ නිසාම ඔබට පවුල් පරිසරය තුළ මෙන්ම සමාජයේ ද බොහෝ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවනවා ඇත.
ඕනෑම ස්‌වාමිපුරුෂයකු ප්‍රිය කරන්නේ තම බිරිඳ ලස්‌සනට සිටිනු දැකීමටයි. ඇයගේ ප්‍රියමනාප පෙනුමටයි.
පවුලේ මව සෞඛ්‍ය සම්පන්න, නිරෝගී ප්‍රසන්න කාන්තාවක වීම දරුවන්ගේ දියුණුවටද හේතුවනවා ඇත. එහි තර්කයක් නැති අතර එය එසේ නොවන්නේ යෑයි කියන්නට ඔබට හැකියාවක් තිබෙනවාද?
කාල වේලාව නැහැයෑයි පැවසීම පිළිගත හැකි කරුණක් නොවේ. තමා පිළිබඳව අවධානය යොමු කිරීමට දිනකට විනාඩි 20 හෝ තරමක කාලයක් වෙන්කර ගැනීමේ හැකියාවක් ඔබ සතුව ඇත. එම කාලය වෙන්කර ගත හැකි බවට ඔබටම කරුණු වැටහෙනවා නේද?
ඔබ කාන්තාවක වශයෙන් ඔබ ගැන මොහොතක් සිතනවා යනු පවුලේම දියුණුවට පිටිවහලක් වන බව අමතක නොකරන්න.
අවශ්‍ය පෝෂණය සහිත ආහාර වේලක් ලබාගැනීමට උත්සාහ කරන්න. විටමින් E සිරුරට ලැබෙන ලෙසින් හැකිතාක් ස්‌වභාවික ආහාර වර්ග කෑම වේලට එක්‌කර ගන්න. අලුත් එළවළු, සෝයා, පලා වර්ග වැනි දේ ක්‌ෂණික ආහාරවලට වඩා ඉතාම ගුණදායක බව මතකයේ තබා ගන්න.
ඔබේ සිරුරට විටමින් E ප්‍රමාණවත් නොවන බව සම සහ හිසකෙස් තුළින් ඔබටම අවබෝධයක් ලබාගත හැක.
එවැනි අවස්‌ථාවක සියයට සියයක් ම ස්‌වභාවික විටමින් E වර්ගයත් තෝරා ගන්න. ස්‌වභාවික විටමින් වර්ග විටමින් වැඩි ප්‍රතිශතයක් සිරුරට උරාගන්නා නිසාවෙන් අතුරු ආබාධ ඇති වන්නේ නැත.
ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පිනී නදීශා වීරසිංහ
සාකච්ඡා කළා - සඳලි
විශ්වයම ඔබේ දෝතට
රූපලාවන්‍ය
සම දුර්වර්ණ වෙලා නම් හිසකෙස්‌වල දීප්තියක් නොමැති නම් ඔබ රූපලාවන්‍ය ගැටළුවලට මැදිවී ඇත
